Heading
දේශීය
2025-04-12 9:51 am • Views: 231

පිල්ලෙයාන් දින 90 ක් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර..!

පිල්ලෙයාන් දින 90 ක් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර..!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය අට වන දා, හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබී ය. 

පොලිසිය පැවසූ ආකාරයට, පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ, 2006 වසරේ දී සිද්ද වූ, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපක-ුලපතිවරයාව සිටි මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැර ගෙන යාම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙනි. 

නමුත්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බවයි. 

චැනල් ෆෝ නාලිකාව හමුවේ පෙනී සිටි අසාද් මවුලානා, සහරාන් කණ්ඩායම සහ එවකට හමුදා බුද්ධි ප්‍රධානියා වූ සුරේශ් සලෙයි අතර පළමු හමුව සංවිධානය කරන ලද්දේ පිල්ලෙයාන් බව පැවසී ය. 

චැනල් ෆෝ මෙම හෙළි දරව්ව සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2024 වසරේ නොවැම්බරයේ දින දෙකක දී, පිල්ලෙයාන් කැදවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. 

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, දින අනූවක කාලයක් පිල්ලෙයාන් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සදහා අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව වාර්තා වේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න