Heading
දේශීය
2025-04-11 1:53 am • Views: 236

“ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලංකාවට හැකි වී තිබේ.” ජා.මූ.අරමුදල.

“ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලංකාවට හැකි වී තිබේ.” ජා.මූ.අරමුදල. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීම සදහා අයි.එම්.එෆ් නියෝජිත පිරිසක් පසුගිය තුන් වන දා සිට මෙරට තුළ සංචාරයක නිරත විය. 

මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ඉවාන් පැපරෝජියෝ විසිනි. 

ඔවුන් අද දිවයිනෙන් නික්ම යන අතර, එසේ නික්ම යාමට පෙර ලංකාව සම්බන්ධයෙන් වන ඔවුන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණි. 

මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කර තිබුණු එම නිරීක්ෂණ කිහිපයක් අපි පහත උපුටා දක්වමු. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මගින් සහාය ලබන, ශ්‍රී ලංකාවේ අභිලාශකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතී. 

අර්බුදයට මුහුණ දුන් රට, 2024 වසරේ දී 5% ක ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම සිත්ගන්නාසුළුය. එමෙන්ම, උද්ධමනයද මෑත කාර්තුවල දී සැලකිය යුතු පහත වැටී තිබේ. 

2025 මාර්තු වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 ක නිල විදේශ සංචිත ප්‍රමාණයක් රැස් කර ගැනීමට ලංකාව සමත්ව තිබෙන අතර, සැලකියයුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද දූපත් රාජ්‍යයට හැකිව තිබේ. 

මෑත කාලීන භාහිර කම්පනයන් සහ මතුවෙමින් පවතින නවතම වර්ධනයන්, තමන්ගේම වූ අර්බුදයකින් ගොඩ ඒමට පොර බදමින් සිටින ලංකාවේ ආර්ථිකයට යම් අවිනිශ්චිතතාවයක් ගොඩ නගා තිබේ. 

ගෝලීය බලපෑමේ කම්පනයත්, එම කම්පනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවක සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබදවත් තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍යය.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න