නඩු දෙකෙන් එකකට චාමර සම්පත්ට ඇප...! ඒත් රනිල් මැදිහත් වූ නඩුවට ඇප නෑ..! ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටිය දී සිදු කරන ලද රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබුණු නඩුවකට අදාලව, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී හිටපු අමාත්‍ය චාමර සම්පත්ට ඇප ලබා දී තිබේ. ඔහුට ඇප ලබා දී ඇත්තේ රාජ්‍ය බැංකු-වක තැන්පත් කර තිබුණු, ඌව පළාත් සභාවට අයත් රුපියල් මිලියනයක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණු නඩුවට අදාලවයි. ඔහුට එරෙහිව තවත් නඩුවක් පවතින අතර, එම නඩුව වන්නේ රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතුවක තැන්පත් කර තිබුණු පළාත් සභාවට අයත් මුදලක් කල් පිරීමට පෙර එම බැංකුවෙන් ලබා ගැනීම හරහා රජයට රුපියල් මිලියන 23 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාමර සම්පත් දසනායකගේ නිර්දෝශීභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබුණේ ද ඒ සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, අධිකරණය එම නඩුවට අදාලව චාමර සම්පත්ට ඇප ලබා දී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-07 1:27 am
|
Heading |
---|
2025-01-29 8:34 am
|
Heading |
---|
2025-01-27 11:33 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|