කුලියාපිටිය ප්‍රාදේශීය සභාව; සභික ධූර 21 ක් හිමිව තිබූ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා පරදා සභික ධූර 6 ක් හිමිව තිබූ පොහොට්ටුවේ අපේක්ෂකයා සභාපති වෙයි. ක-ුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට විපක්ෂයට හැකි වී තිබේ. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ධූර 21 ක් ජාතික ජන බලවේගයට හිමිව තිබූ අතර, විපක්ෂයේ පක්ෂ එකතුව ගත් විට සභික ධූර 23 ක් ඔවුනට හිමි වී තිබුණි. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා පරදා ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ලැබී තිබුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කුලියාපිටිය ප්‍රදේශීය සභාවේ හිමිව තිබුණේ මන්ත්‍රී ධූර 06 ක් පමණි. නමුත්, විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය ලබා ගනිමින් සභාපති ධූරය සතුකර ගැනීමට එම පක්ෂයට හැකි වී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-19 11:23 am
|
Heading |
---|
2025-04-07 1:27 am
|
Heading |
---|
2025-01-29 8:34 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|