Heading
දේශපාලන
2025-08-22 8:03 am • Views: 601

අද සී.අයි.ඩී යට එන බව රනිල් තහවුරු කරයි.

අද සී.අයි.ඩී යට එන බව රනිල් තහවුරු කරයි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නියමිත ය. 

අද, ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ නීතීඥයන් මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ, සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා, රජයේ මුදල් රුපියල් ලක්ෂ 170 කට ආසන්න මුදලක් අවභාවිතා කරමින් තවත් දස දෙනෙකු සමඟ ලන්ඩනය බලා පියාසර කිරීමයි. 

මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරියගෙන් මෙන්ම ඔහු ජනාධිපතිව සිටිය දී ජනාධිපති ලේකම් ලෙස කටයුතු- කළ සමන් ඒකනායකගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණි.  

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න