Heading
ජාත්‍යන්තර
2024-08-12 11:14 am

"බන්ග්ලාදේශය දෙස බලනු..! අගෝස්තු 30 ට පෙර ඉම්රාන් ඛාන් නිදහස් කරනු..!" පාකිස්තාන ශිෂ්‍යයෝ බලකරති.

"බන්ග්ලාදේශය දෙස බලනු..! අගෝස්තු 30 ට පෙර ඉම්රාන් ඛාන් නිදහස් කරනු..!" පාකිස්තාන ශිෂ්‍යයෝ බලකරති. 


අගෝස්තු තිස්වනදාට පෙර, දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එරට ප්‍රධාන ශිෂ්‍ය ව්‍යාපාරය වන පාකිස්තාන ශිෂ්‍ය ෆෙඩරේෂනය ඉල්ලයි. 

එදිනට පෙර ඉම්රාන් ඛාන් නිදහස් නොකළහොත්, බංග්ලාදේශ රජයට මුහුණ දීමට සිදු වූ ආකාරයේ දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවයකට පාකිස්ථාන රජයටද මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔවුන් අනතුරු හගවා තිබේ. 

තවදුරටත් පාකිස්ථාන ශිෂ්‍ය ව්‍යාපාරය හමුදා පාලනයට බිය නොවන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ. 

සිය නායකයා නිදහස් කරන ලෙස ඉල්ලා, ඉම්රාන් ඛාන් නායකත්වය දරන පාකිස්තාන් ටෙහරීක් ඊ ඉන්සාෆ් පක්ෂයද මේ මස අග භාගයේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිතය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න