Heading
දේශපාලන
2024-08-20 9:44 am

එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109. අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු. බිලියන 1.86 යි.

එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109. අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු. බිලියන 1.86 යි. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙක-ු ඔහුගේ හෝ ඇයගේ මැතිවරණ ප්‍රචාරණය සදහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය සීමා කරමින්, විශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම ඊයේ දිනයේ දී නිකුත් කළේ ය. 

ඒ අනුව, මෙවර ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට, ප්‍රචාරණ කටයුතු සදහා වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.86 කි. 

එම මුදල, සමස්ත ඡන්ද දායක සංඛ්‍යාවෙන් බෙදූ විට, එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වන්නේ රුපියල් 109 කි. 

පසුගියදා මැතිවරණ කොමිසම හමුවේ පැවති රැස්වීමක දී, සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ පාර්ශ්වය, එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 250 ක මුදලක් වියදම් කිරීමට අවසර ඉල්ලා තිබුණු අතර, ජාතික ජන බලවේගය එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් දෙසීයක මුදලක් වියදම් කිරීමට අවසර ඉල්ලා තිබුනි. 

නමුත් මැතිවරණ කොමිසම එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 109 ක මුදලක් පමණක් වියදම් කළ යුත-ු බව නිර්දේශ කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න