Heading
දේශපාලන
2024-08-21 11:39 am

"ඔව්..! මේ තමයි මගේ රැස්වීම්වල හැටි..!" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

"ඔව්..! මේ තමයි මගේ රැස්වීම්වල හැටි..!" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා.



සිය මැතිවරණ රැළියක් පිළිබදව සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන ඡායාරූපයක් පිළිබදව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඔහුගේ නිල ෆේස්බුක් ගිනුම ඔස්සේ අදහස් දක්වා තිබේ. 

එම ඡායාරූපය ව්‍යාජව සකස් කරන ලද එකක් යැයි ප්‍රතික්ෂේප නොකරන ෆීල්ඩ් මාර්ෂල්, එම ඡායාරූපයෙන් රටේ පුරවැසියන්ගේ දේශපාලන රසඥතාවය හෙළිවන බව පවසයි. 

ෆීල්ඩ් මාර්ෂල් ඒ සම්බන්ධයෙන් පළ කොට තිබෙන සටහන අපි පහත සම්පූර්ණයෙන්ම උපුටා දක්වමු. 

මේ මොහොතේ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙනි.
මේ ඔබ දකින්නේ ශ්රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන රසඥතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන සාක්ශරතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලනික තෝරා ගැනීමයි.
මාගේ රැස්වීම් වලට සහභාගි වීමට ප්රවාහන පහසුකම් සපයන්නේ නැත. බස් රථ යොදා මිනිසුන් රැගෙන එන්නේද නැත. අරක්කු සිගරට් ලබා දෙන්නේද නැත. බත් පැකට් මාලුපාන් කිරිපැකට් බෙදන්නේද නැත.
මගේ රැස්වීම පැවැත්වෙන දිනට පෙරදා රාත්රියේ ඒ අවට පෝස්ටර් 50ක් පමනක් අලවන අතර වේදිකාව ඉදිකරනුයේ මහජතාවට අවහිරයක් නොවන ස්ථානයකය. ශබ්ද විකාශන යන්ත්රද මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි අදාල පරිශ්රයට සීමාවන ලෙස සවි කිරීමට උපදෙස් ලබා දී ඇත.
මාගෙ රැස්වීම් වලට පැමිණෙන්නේ එක් පුද්ගලයාද, පස් දෙනාද, දහදෙනද පනස් දෙනාද සිය දෙනාද ඔවුන් මට දසදහස් ගණනකට වඩා වටිනාකමක් ඇති වැදගත් පාක්ශිකයින් පිරිසකි.
2010 දී දේශපාලනයට පැමිණි දා පටන් මම උඩුගම් බලා පිහිනීමට උත්සාහ කලෙමි. අදටත් එය එසේමය. මේ රටේ මහජනතාව ඊට සූදානම් නොමැතිනම් එය ඔවුන්ගේ තෝරාගැනීමය.
සමගි ජන බලවේගයේ සභාපතිදූරය අතහැර එනවිට, අනෙකුත් ප්රධාන දේශපාලන බලවේග ඔවුන්ගේ කඳවුරු වලට සම්බන්ධ වන ලෙස මට ආරාධනා කලද, ඒ සියල්ල ප්රතික්ෂේප කලේ මගේ හෘදසාක්ශියට එකඟව එම දේශපාලන කඳවුරු වල සිටගත නොහැකි නිසාවෙනි.
මම මගේ මතය රටට ඉදිරිපත් කරමි. එය බාරගන්නවාද නැද්ද යන්න රටේ ජනතාවට භාරය.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න