පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගත් තීරණය ගැන තමන් කණගාටු නොවන බව ජනපති කියයි..! පලාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදු වීමෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තමන් පිළි ගන්නා නමුත්, එම අවස්ථාවේ දී පලාත් පාලන මැතිවරණය කල් දැමීමට තමන් ගත් තීරණය සම්බන්ධයෙන් පසුතැවිලි නොවන බව ජනාධිපතිවරයා පවසා තිබේ. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සමුළුව අමතමිනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා කාලය කැප කලේ නම්, ආර්ථික ස්ථාවර භාවය ළගා කර ගැනීමට නොහැකි වනු ඇතැයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට මෙන්ම ඔවුන්ගේ ජීවත් වීමේ අයිතියටද තමන් ගරු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය හැකි ඉක්මනින් එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමට අද නියෝග කලේ ය.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 3:36 am
|
Heading |
---|
2024-09-20 1:55 am
|
Heading |
---|
2024-09-18 10:03 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|