Heading
දේශපාලන
2024-08-23 10:40 am

,"සැප්තැම්බර් දෙවන සතිය වෙද්දී අනෙක් අපේක්ෂකයෝ වාෂ්ප වෙනවා..! ඉතිරි වෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයි. ඉන් එක්කෙනෙක් 50% පන්නනවා..!” පාඨලි චම්පික රණවක.

,"සැප්තැම්බර් දෙවන සතිය වෙද්දී  අනෙක් අපේක්ෂකයෝ වාෂ්ප වෙනවා..! ඉතිරි වෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයි.  ඉන් එක්කෙනෙක් 50% පන්නනවා..!” පාඨලි චම්පික රණවක. 


මෙවර ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකෙයක් 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගනු ඇතැයි යන අනුමානය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රතික්ෂේප කරයි. 

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර දීමට අපේක්ෂකයන් තිස් නම දෙනෙක් ඉදිරිපත් වූවද, අද වන විට අනෙක් සියළු අපේක්ෂකයන් වාෂ්ප වී අපේක්ෂකයන් සිව් දෙනෙකු- පමණක් කරලියේ ඉතිරි වී සිටින බව ඔහු පවසයි. 

එසේ ඉතිරි වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස මහ නාමල් රාජපක්ෂයි. 

මෙම අපේක්ෂකයන් සිව් දෙනාගෙන් තවත් දෙදෙනෙකු සැප්තැම්බර් දෙවන සතිය වන විට කරලියෙන් බැස යනු ඇතැයි පවසන චම්පික රණවක, අවසානයේ දී මෙම තරඟය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර තරගයක් බවට පත්වන බව ද පවසයි. 

එම අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකු 50% ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යන බැවින් දෙවන මනාපය ගණන් කිරීමේ අවස්ථාවක් උදා නොවනු ඇති බවද චම්පික රණවක පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න