එක්සත් ජනපදය, වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මධුරෝට අයත් ගුවන් යානාවක් රදවා ගනී..! වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මධුරෝට අයත් ගුවන් යානාවක් ඩොමිනිකන් රාජ්‍යයේ දී සිය භාරයට ගැනීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ. ජනාධිපති මධුරෝ මෙම ග-ුවන් යානය මිලදී ගැනීම සදහා එක්සත් ජනපද ඩොලර් මිලියන 13 ක් වැය කර තිබෙන බව පැවසේ. මෙම මුදල ඔහු උපයාගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයට බවට චෝදනා එල්ල වෙයි. ඩොමිනිකන් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගන්නා ලද අදාල ගුවන් යානය, මේ වන විට එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයට රැගෙන විත් තිබේ. එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව වෙනිසියුලානු රජය දැඩි ලෙස විවේචනය කර තිබෙන පැවසේ. ඔවුන් එම ක්‍රියාව හදුන්වා දී ඇත්තේ, මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නෞකාවක් පැහැර ගැනීමේ සිදු වීමකට සමාන සිදු වීමක් ලෙසයි. වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මධුරෝ මෙම ගුවන් යානය මිලදී ගෙන ඇත්තේ ෆ්ලෝරිඩාවේ පිහිටි සමාගමකිනි. අදාල සමාගම, එකී ගුවන් යානය වෙනිසියුලානු ජනාධිපතිවරයාට අලෙවි කිරීම, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව පනවා තිබෙන සම්භාධක උල්ලංඝණය කිරීමක් බව පවසමින්, ඔවුන් යානය අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-16 11:31 am
|
Heading |
---|
2025-01-15 11:14 am
|
Heading |
---|
2025-01-15 8:51 am
|
Heading |
---|
2025-01-03 5:07 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|