Heading
ජාත්‍යන්තර
2024-09-06 10:20 am

ගං වතුරෙන් 1500 ක් මිය යයි. ගං වතුර පාලනය කිරීමට අසමත් වූ රාජ්‍ය නිළධාරීන් 30 කට මරණ දඩුවම ලබා දෙයි..!

ගං වතුරෙන් 1500 ක් මිය යයි. ගං වතුර පාලනය කිරීමට අසමත් වූ රාජ්‍ය නිළධාරීන් 30 කට මරණ දඩුවම ලබා දෙයි..!

 

උතුරු කොරියාවේ උතුරු ප්‍රදේශය තුළ පසුගිය ජූලි මාසයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට වැසියන් එක් දහස් පන්සියයක් පමණ මිය ගොස් තිබුණු අතර,  විශාල දේපළ හානියක් ද සිදුව ඇති බව වාර්තා විය. 

ගංවතුර තත්ත්වය පාලනය කළ හැකිව තිබුණු එකක් බව නිගමනය කර තිබුණු උතුරු කොරියානු රජය, වගකීම් පැහැර හැර තිබෙන රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බවද ප්‍රකාශ කර තිබුණි. 

පසුව සිදුකරන ලද විමර්ශන හරහා වගකීම පැහැර හැර තිබෙන රාජ්‍ය නිළධාරීන් තිහකට ආසන්න පිරිසක් හදුනාගෙන තිබුණු අතර, ඔවුන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් පියවර ගෙන තිබේ. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රවෘත්තියක් උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර නැත. 

නමුත් දකුණු කොරියානු ඔත්තු සේවා, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර තිබෙන බව තහවුරු කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න