Heading
ජාත්‍යන්තර
2024-07-19 4:56 am

බංග්ලාදේශය ඇවිලෙයි..! ශිෂ්‍යයන් 32 ක් මිය යති. 2,500 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබති.

රජයේ රැකියා ලබා දීමේ දී ක්‍රියාත්මක වන කෝටා ක්‍රමයට විරෝධය පා බන්ග්ලාදේශ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආරම්භ කර තිබෙන විරෝධතාවය මේ වන විට වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති අතර, ඊයේ දිනයේ දී විරෝධතාවයේ නිරත විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රජයේ නිල රූපවාහිනී සේවය අයත් ගොඩ නැගිල්ලට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම විරෝධතාවය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 32 කි. තවත් දෙදහස් පන්සියයකට වඩා වැඩි ශිෂ්‍යයන් පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ. 

මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව, රජයේ රැකියා ලබා දීමේ දී බංග්ලාදේශය ක්‍රියාත්මක කර තිබෙන කෝටා ක්‍රමයයි. 

මෙම කෝටා ක්‍රමයේ දී, බංග්ලාදේශ නිදහස් සටනේ දී දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්, ආදිවාසීන්, කාන්තාවන් සහ දුෂ්කර පළාත් වල ජීවත් වන පුද්ගලයන් ආදී වශයෙන් විවිධ කොටස් වෙත විශේෂ සැලකිල්ලක් යොමු කර තිබේ.  

ඒ අනුව, සමස්ත රජයේ රැකියා ප්‍රමාණයෙන් 56% ක පමණ ප්‍රමාණයක් අනෙක් පුරවැසියන්ට අහිමි කර තිබේ. 

ශිෂ්‍ය විරෝධයට මූලික හේතුව වී ඇත්තේ මේ තත්ත්වයයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න