Heading
දේශපාලන
2024-09-11 6:26 am

පිරිසක් සජිත්ට. අනෙක් පිරිස දෙමළ පොදු අපේක්ෂකයාට. දෙමළ ජාතික සන්ධානය බෙදෙයි.

පිරිසක් සජිත්ට. අනෙක් පිරිස දෙමළ පොදු අපේක්ෂකයාට. දෙමළ ජාතික සන්ධානය බෙදෙයි. 

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන සිටින දෙමළ ජාතික පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ කිලිනොච්චිය සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් නායකත්වය තීරණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව පසුගිය නම වන දා, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි ශාකාව, ඔවුන්ගේ සහාය දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින පී. අරියනේත්තිරන්ට ලබා දීමට තීරණය කර තිබේ. 

ඊට සමගාමීව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් නායකත්වයද එම තීරණයටම පැමිණ තිබේ. 

මීට පෙර, සැප්තැම්බර් පළමුවැනිදා, ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් නායකත්වය, එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරන බව ප්‍රකාශ කළේ ය. එම්.ඒ සුමන්තිරන් මහතා එම නිවේදනය නිකුත් කරන අවස්ථාවේ එම පක්ෂයේ තවත් ප්‍රබල නායකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා ලංකාවේ නොසිටියේ ය. 


ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින දෙමළ පොදු අපේක්ෂකයාට සහාය දැක්විය යුතු බවට වන අදහස වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ම පෙනී සිටින්නේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ය. 

 



Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න