Heading
ජාත්‍යන්තර
2024-10-15 10:52 am

"සීක් නායකයාගේ ඝාතනයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයි..!" කැනඩා රජය ඉන්දීය වැඩ බලන මහකොමසාරිස් ඇතුළු 6 ක් රටින් නෙරපයි.

"සීක් නායකයාගේ ඝාතනයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයි..!" කැනඩා රජය ඉන්දීය වැඩ බලන මහකොමසාරිස් ඇතුළු 6 ක් රටින් නෙරපයි. 

කැනඩාවේ ඉන්දීය වැඩ බලන මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනෙකු- එරටින් නෙරපා දැමීමට කැනේඩියානු රජය පියවර ගෙන තිබේ. 

ඒ, ප්‍රධාන වශයෙන්, මෙම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, කැනඩා භූමිය තුළ ත්‍රස්ත ක්‍රියාවල නිරතව ඇති බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වීමෙන් පසුවයි. 

විශේෂයෙන්ම, පසුගියදා සිද්ද වූ  හර්දිප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ බව හෙළි කරගෙන ඇතැයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පවසයි. 

හර්දිප් සිං නිජ්ජාර් යනු සීක් ජාතික නායකයෙකි. ඔහු සික් ජාතිකයන්ට වෙනම නිජබිමක් දිනා දීම වෙනුවෙන් සටන් කළේ ය. 

කෙසේ වෙතත්, හර්දීප් සිං නිජ්ජාර්, කැනඩාවේ ජීවත් වෙමින් සිටියේ ය. 

ඉන්දියාව ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර තිබුණි. 

2023 ජූනි 18 වන දා කැනඩා භූමිය තුළ දී කිසියම් පිරිසක් ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී. 

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වලදී මෙම ඝාතනයට කැනඩාවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ බවට අනාවරණය වූ බව අගමැති ටෲඩෝ පවසයි. 

කැනඩා රජය විසින් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සය දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු, ඉන්දියාවද එකට එක කිරීමක් ලෙස ඉන්දියාවේ රැදී සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකට රටින් පිටවන ලෙස නියෝග කර තිබේ. 

 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න