"බෙන්ජමින් නෙතන්යානු අත්අඩංගුවට ගනු..!" ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සහ හමාස් සංවිධානයේ අණදෙන නිළධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති යුද්ධයේ දී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම හමාස් සංවිධානයේ අණදෙන නිළධාරියා ද වගකිව යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව වී තිබේ. කෙසේ වෙතත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙම තීන්දුව බලාත්මක වන්නේ එහා සාමාජික රටවල් 124 මෙම තීන්දුව බලාත්මක කිරීමට එකග වන්නේ ද නැද්ද යන්න මත බව පැවසේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 124 ට ඊශ්‍රායලයේ ප්‍රධානතම මිතුරා වන එක්සත් ජනපදය අයත් නොවේ. මේ වන විටත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව පිළි නොගන්නා බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ. නමුත්, යුරෝපා සංගමය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු යැයි නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-02 11:08 am
|
Heading |
---|
2024-11-27 11:32 am
|
Heading |
---|
2024-11-13 11:15 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|