"යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකරන්න. නමුත්, කොටි සංවිධානයේ නිල ලාංඡන හෝ කොඩි ප්‍රදර්ශනය නොකරන්න." මහජන ආරක්ෂක අමාත්‍යංශය. මේ ගෙවී යන්නේ උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයෙන් මිය ගිය සිය ප්‍රජාව සමරන මහවිරු සැමරුම් සතියයි. මහවිරු සැමරුම් සතිය නොවැම්බර් 21 වන දා ආරම්භ වන අතර එය නොවැම්බර් 27 වනදායින් අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත්, රජය මහවිරු සැමරුම් සතිය පිළි නොගනී. ඒ නමුත්, යුද්ධයෙන් මිය ගිය සිය නෑ හිත මිතුරන් සිහි කිරීමට උතුරේ ජනතාවට ඇති අයිතිය පිළිගන්නා බව රජය පවසයි. එබැවින්, යුද්ධයෙන් මියගිය සිය නෑ හිතුමිතුරන් සිහි කිරීම සාමකාමීව සිදු කරන ලෙස රජය උත-ුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම, එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කර තිබෙන සංවිධානයක් බැවින්, මෙම සැමරුම් වල දී එම සංවිධානයේ නිල ලාංඡන හෝ කොඩි භාවිතා කිරීමට ඉඩ දිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|