Heading
දේශපාලන
2026-02-12 10:59 am • Views: 11

ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හෙළි කරයි..! කාර්ය මණ්ඩලයේ සිටින මුළු ගණන 21 යි. වැටුප් නොලබන ගණන 06 යි. රජයේ වාහනයක් භාවිතා කරන ගණන 01 යි. ප්‍රවාහන දීමනා ලබා ගන්නා කිසිවෙක් නැත

ජනාධිපතිවරයාගේ පෞද්ගලික
කාර්ය මණ්ඩලයේ තොරතුරු හෙළි කරයි..!
කාර්ය මණ්ඩලයේ සිටින මුළු ගණන 21 යි.
වැටුප් නොලබන ගණන 06 යි.
රජයේ වාහනයක් භාවිතා කරන ගණන 01 යි.
ප්රවාහන දීමනා ලබා ගන්නා කිසිවෙක් නැත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පිළිබද විස්තර, තොරතුරු නිළධාරී, ජනාධිපති ජ්යේෂ්ඨ අතිරේක ලේකම් විසින් ලබා දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය 21 දෙනෙකුගෙන් යුක්ත ය.
ඉන් හය දෙනෙකු කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබා ගරු සේවයක් ලබා දෙන අයයි.
අනෙක් අය අතරින්, රජයේ වාහනයක් භාවිතා කරනු ලබන්නේ එක් අයෙකු- පමණි. ඒ, ජනාධිපතිවරයාගේ නීති උපදේශක පමණි.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය තුළ ප්රවාහන දීමනා ලබා ගන්නා කිසිවකු නැත.
වැටුප් ලබන අයගෙන් ඉහළම වැටුපක් ලබා ගන්නා නිළධාරියාගේ මාසික වැටුප රුපියල් 75,000 කි.

Comments

Heading Heading
sample image
Heading
2026-02-11 4:49 am
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න