Heading
ජාත්‍යන්තර
2024-11-27 11:32 am • Views: 220

ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් සටන් විරාමයකට එති..! නමුත් ගාසා තීරයේ සටන් නොනවතී.

ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් සටන් විරාමයකට එති..! නමුත් ගාසා තීරයේ සටන් නොනවතී.

එක්සත් ජනපද ජනාධීපති ජෝ බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතාගේ මැදිහත් වීම මත, ඊශ්‍රායල හමුදා සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සටන් විරාමයකට පැමිණ තිබේ. 

ඒ අනුව, දහස් ගණනකට මරු කැදවමින්, මාස දා හතරකට ආසන්න කාලයක් තිස්සේ ඊශ්‍රායලය හා ලෙබනන් දේශ සීමාවේ ඇවිලෙමින් පැවති යුද ගැටුම් ඉදිරියේ දී නිවී යනු ඇත. 

නමුත්, මෙම සටන් විරාමය හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ගාසා තීරයේ පැන නැගී තිබෙන යුද්ධයට අදාල වන්නේ නැත. 

කෙසේ වෙතත්, ජනාධීපති බයිඩ්න් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට රාජ්‍ය බලය පවරා දී විශ්‍රාම යාමට පෙර ගාසා තීරයට සටන් විරාමයක් ගෙන ඒම සදහා වෙහෙසෙමින් සිටින බව පැවසේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න