Heading
ජාත්‍යන්තර
2024-12-11 10:20 am • Views: 315

දකුණු කොරියානු ජනාධිපතිගේ “යුද නීතිය” පැනවීමේ කුමන්ත්‍රණය; ජනාධිපතිට රාජ්‍ය දේ‍රා්හී වීමේ චෝදනා. කුමන්ත්‍රණයට සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමති සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි.

දකුණු කොරියානු ජනාධිපතිගේ “යුද නීතිය” පැනවීමේ කුමන්ත්‍රණය;  ජනාධිපතිට රාජ්‍ය දේ‍රා්හී වීමේ චෝදනා. කුමන්ත්‍රණයට සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමති සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි.

පසුගිය දෙසැම්බර් 3 වන දා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින්, මුලු රටටම බලපැවැත්වෙන පරිදි යුද නීතිය පැනවීමට රජය තීරණය කළ බව දැනුම් දුන්නේ ය. 

පාර්ලිමේන්තුවේ බහුතරය බලය හිමි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සිය රජය පෙරළීමටත්, උතු-රු කොරියාව සමග සහයෝගීතාවයක් ගොඩ නැගීමටත් කටයුත-ු කරන බව ජනාධිපති යූන් සුක් යෝල් චෝදනා කළේ ය. 

නමුත් ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් ජාත්‍යන්තරවත්, දේශීයවත් එල්ල වූ අතර පැය කිහිපයක් ඇත-ුළත ප්‍රකාශයට පත් කළ යුද නීතිය ඉවත් කර ගැනීමට රජය කටයුතු කළේ ය. 

නමුත් ඉන් අර්බුදය අවසන් වූවේ නැත. 

මෙ වන විට එය ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වීමේ අවධානමක් නිර්මාණය කර තිබේ. 

යුද නීතිය පැනවීමට තීරණය කළ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු අමාත්‍යවරුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. 

ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පැමිණීමට පෙර, හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙන බව වාර්තා වේ. 

යුද නීතිය පැනවීම පිළිබද යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. 

අවශ්‍ය වුවහොත්, ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් බව පොලිස්පතිවරයා නිවේදනය කරයි. 



Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න