Heading
ජාත්‍යන්තර
2025-01-15 11:14 am • Views: 358

මාස 15 කට පසුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එළැඹෙති.

මාස 15 කට පසුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එළැඹෙති.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, මාස පහළොවකට ආසන්න කාලයක් තිස්සේ පැවති දරුණු සටන් අවසන් කිරීමේ අරමුණ ඇතිව සටන් විරාමයකට එළැඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

දෙපාර්ශ්වය අතර සටන් විරාමය සදහා මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මේ පවතින ගැටුම් පැන නැග්ගේ හමාස් සංවිධානය විසින් 2023 වසරේ ඔක්තෝබර් මස හත්වන දා දකුණු දිග ඊශ්‍රායලයට එල්ල කළ ක්ෂණික ප්‍රහාරයත් සමගිනි. 

හමාස් සංවිධානය එල්ල කළ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයන් 1200 දෙනෙකු පමණ මරණයට පත් විය. එමෙන්ම, ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් දෙසිය පනස් එක් දෙනෙකු හමාස් සංවිධානය ඔවුන්ගේ අත්අඩංගුවට ගන්නා ලදී. 

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ක්ෂණික ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදා නොනවතින ප්‍රහාර මාලාවක් ගාසා තීරයට එල්ල කළ අතර, ගෙවුණු මාස පහළොවක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයන් හතලිස් හය දහසකට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න