බන්ධනාගාර රැදවියන්ට සහකරු හෝ සහකාරිය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්න වෙනම කුටියක්..! ඉතාලිය නීති ගෙනෙයි. බන්ධනාගාර රැදවියන්ගේ ලිංගික අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව, රැදවියන්ට ඔවුන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ ලිංගික එක් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර දීම බන්ධනාගාර බළධාරීන්ගේ වගකීමක් වනු ඇත. මෙම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කිරීමට ඉතාලි රජය කටයුතු කිරීමට නියමිත ය. ජෝර්ජියා මෙලනීගේ නව රජය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රැසක් හදුන්වා දී තිබේ. මෙම නව යෝජනාව පැමිණෙන්නේ ද ඒ අනුවයි. නම හෙළි නොකළ සිරකරුවෙකු, ඔහුට සිය බිරිද සමග ලිංගිකව එක්වීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගොස් ඇති අතර, සිරකරුවන්ගේ ලිංගික අයිතිවාසිකම් පිළිබද සාකච්ඡාව ආරම්භ වී ඇත්තේ ඉන් පසුවයි. මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටින බොහෝ දෙනෙක්, සිරකරුවන්ට ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ අයිතිය පිළිගෙන තිබේ. මෙවැනි අයිතියක් සිරකරුවන්ට ලබා දීමට තීරණය කර තිබෙන එකම රට ඉතාලිය නොවේ. දැනටමත් ස්පාක්දක්ය, ප්‍රංශය සහ රුමේනියාව, ඔවුන්ගේ රටවල මෙම අයිතිය තහවුරු කර තිබේ. බන්ධනාගාරය තුළම මේ සදහා වෙනම කුටි ඉදි කිරීම හෝ රැදවියන්ට නිශ්චිත අවසරයක් මත පිටතට යාමට අවසර ලබා දීම හෝ මේ සදහා අනුගමනය කළ හැකි බවට සාකච්ඡා වෙමින් පවතී.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-15 11:14 am
|
Heading |
---|
2025-01-15 8:51 am
|
Heading |
---|
2025-01-03 5:07 am
|
Heading |
---|
2024-12-31 1:55 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|