Heading
දේශීය
2025-01-24 9:38 am • Views: 695

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මාසික ඉන්ධන වියදම ලක්ෂ 20 සිට ලක්ෂ 03 ට බස්සයි..!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මාසික ඉන්ධන වියදම ලක්ෂ 20 සිට ලක්ෂ 03 ට බස්සයි..!

මීට පෙර රුපියල් ලක්ෂ 16 ත් ලක්ෂ 20 ත් අතර ඉහළ අගයක පැවති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම මේ වන විට රුපියල් ලක්ෂ 2 ත් ලක්ෂ 3 ත් අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බව වාර්තා වේ. 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමක දී මේ බව අනාවරණය වී තිබේ. 

මෙම රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වී ඇති බව වාර්තා වේ. 

රාජ්‍ය සම්පත් පරිහරණයේ දී කාර්යක්ෂමතාවය සහ වගකීම ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී ප්‍රධාන වශයෙන් ම අවධානය යොමු  වී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න