Heading
ජාත්‍යන්තර
2025-02-04 1:12 am • Views: 860

“මම වැරැද්දක් කළා..! අප පත් වූවේ පසුගිය රජයට වඩා හොද වීමටයි..!” නිල රථය පෞද්ගලික සංචාරයකට භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ඕස්ට්රේලියාවේ ප්‍රවාහන අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි.

“මම වැරැද්දක් කළා..! අප පත් වූවේ පසුගිය රජයට වඩා හොද වීමටයි..!” නිල රථය පෞද්ගලික සංචාරයකට භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ඕස්ට්රේලියාවේ ප්‍රවාහන අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි. 

අමාත්‍ය ධූරය සදහා ලබා දෙනු ලබන නිල මෝටර් රථයපෞද්ගලික අවශ්‍යතා සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ඕස්ට්රේලියානු නව රජයේ නිව් වේල්ස් හී ප්‍රවාහන අමාත්‍යවරිය, ජනතාව ඉදිරියේ වරද පිළිගනිමින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ. 

මෙසේ ඉල්ලා අස්වීම භාර දී ඇති අමාත්‍යවරිය වන්නේ ජෝ හේලන් ය. 

පසුගිය සති අන්තයේ දී ඇය මිතුරන් කිහිප දෙනෙකු සමඟ කිලෝ මීටර් 446 ක සංචාරයක නිරතව ඇති අතර, එම ගමනේ දී ඇය භාවිතා කර තිබෙන්නේ රජය ඇයට ලබා දී තිබෙන නිල මෝටර් රථයයි. එමෙන්ම ඇගේ රියැදුරු ලෙස කටයුතු- කර තිබෙන්නේ ද රජය ඇයට ලබා දී තිබෙන නිල රියැදුරු ය. 

ඊට අමතරව, මෙම අමාත්‍යවරිය, රජය ලබා දී තිබෙන නිල රථය සහ නිල රියැදුරු ඇගේ තවත් පෞද්ගලික සංචාරයක් සදහා යොදාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. 

එවර ඇය ගොස් තිබුනේ දරුවන් සහ ස්වාමිපුරුෂයා සමග ක්‍රීඩා ඉසව්වක් නැරඹීමටයි. 

ඒ අනුව, සිය පෞද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා බදු ගෙවන්නන්ගේ මුදල් අවභාවිතා කිරීම ඇයට එල්ල වී තිබෙන චෝදනාවයි. 

එම චෝදනාවට වරද පිළිගනිමින් අමාත්‍යවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය. 

තමන් වැරැද්දක් කළ බව පිළිගෙන ඇති අමාත්‍යවරිය, ජනතාව නව රජය බලයට පත් කරන ලද්දේ පසුගිය රජයට වඩා හොද පාලනයක් බලාපොරොත්තුවෙන් බවද පිළිගත්තා ය. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න