Heading
ජාත්‍යන්තර
2025-02-05 12:19 pm • Views: 495

"අපි හදලා ගන්නං. ගාසා තීරය අපට දෙන්න..!" ට්‍රම්ප් කියයි.

"අපි හදලා ගන්නං. ගාසා තීරය අපට දෙන්න..!" ට්‍රම්ප් කියයි. 

පලස්තීන වැසියන් අසල්වැසි රටවලට පිටමන් කර, ඉන් පසුව, යුද්ධයෙන් විනාශ වී ඇති ගාසා තීරය භාර ගැනීමට තමන් සූදානම් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ. 

එක්සත් ජනපදයේ සංචාරයේ නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

පලස්තීන වැසියන් ඉන් ඉවත් කර ගාසා තීරය ලෝක පුරවැසියන් සදහා විවෘත කළ යුතු-ව ඇතැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් යෝජනා කර තිබේ. 

පලස්තීන වැසියන් ගාසා තීරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් සිටින බවද ට්‍රම්ප් පවසයි. 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය ඉටු වීමට පලස්තීන වැසියන් කිසිසේත්ම ඉඩ නොදෙනු ඇති බවයි. 

මේ අතර, එක්සත් ජනපදයේ සංචාරයේ නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව වොෂින්ටනයේ මහජන විරෝධතා දියත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න