බද්ද වැඩියි..! ඇමරිකාවෙන් ආනයනය කළ බෝයිං වර්ගයේ ගුවන් යානා තුනක් චීනය ආපසු හරවා යවයි. එක්සත් ජනපදයට සිදු කරන ආනයන සදහා පනවන ලස අසාධාරණ තීරු බද්දට විරෝධය පෑමක් ලෙස, චීනය, ඔවුන් එක්සත් ජනපදයේ බෝයිං සමාගමෙන් ඇණවුම් කළ මගී ගුවන් යානා ත-ුනක් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. අදාල ගුවන් යානා තුනෙන් ග-ුවන් යානා දෙකක්, චිනය මේ වන විටත් එක්සත් ජනපදයට හරවා ඇති අතර, තවත් ගුවන් යානාවක් නුදුරේ දීම ආපසු හරවා යැවීමට නියමිත. මේ වසර තුළ දී බෝයිං ගුවන් යානා පනහක් මිලදී ගැනීමට චීනය සැලසුම් කර තිබුණු අතර, ඒ සියලු ඇනවුම් ද අහෝසි වී යනු ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය, චීන ආනයන මත 145% ක තීරු බද්දක් පැනවූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ද එක්සත් ජනපදයට එරෙහිව 125% ක තීරු බද්දක් පැනවී ය. කෙසේ වෙතත්, චීනයට එරෙහිව පනවා ඇති තීරු බද්ද අති දැවැන්ත බව පිළිගෙන ඇති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉක්මනින්ම බදු අනුපාත පහත හෙළීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-25 11:21 am
|
Heading |
---|
2025-04-23 11:30 am
|
Heading |
---|
2025-04-09 8:36 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|