මෝදි ඉන්දු ගඟේ සොරොව්ව වහයි ද..? නිරායුද සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනයට ලක් කරමින්, ජම්බු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබේ. ප්‍රහාරය සදහා පැමිණි ත්රස්තවාදීන් අතර පාකිස්තානුවන් දෙදෙනෙකු සිටින බවට ඉන්දියාව හදුනාගෙන තිබේ. ඒ අනුව, මෙම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක් බව ඉන්දියාව පවසයි. නමුත් පාකිස්තානය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ඉන්දියාව විසින් පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබී ය. පළමුව ඔවුන් නිවේදනය කළේ ඉන්දියාව ත-ුළ සිටින පාකිස්තාන ජාතිකයන් පැය හතලිස් අටක් තුළ ඉන්දියාවෙන් පිටත්ව යා යුතු බවයි. ඊට අමතරව, දේශ සීමා මුරපොළවල් වසා දැමීම සහ තානාපති සබදතා කප්පාදුවට ලක් කිරීම ආදී ක්‍රියාමාර්ග රැසක් ඉන්දියාව විසින් ගනු ලැබී ය. මේ පියවර අතරින් වඩාත් ම ආන්දෝලනයට ලක්ව තිබෙන පියවර වන්නේ, ඉන්දියාව සහ පාකිස්තානය 1960 වසරේ දී අත්සන් තබන ලද “ඉන්දු ජල ගිවිසුම” ඒකපාර්ශ්වීයව අත්හිටුවන බවට ඉන්දියාව නිවේදනය කිරීමයි. ඒ අනුව, “ඉන්දු ගං දිය” පාකිස්තානයට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු කරන බව ඉන්දියාව නිල වශයෙන් පාකිස්තානයට දැනුම් දී තිබේ. ඉන්දියාව එවැනි පියවරක් ගතහොත් එය “යුදමය ක්‍රියාමාර්ගයක්” ලෙස සලකන බව පාකිස්තානය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දියාවේ ප්රබලතම මුස්ලිම් පක්ෂය වන All India Majlis-e-Ittehadul Muslimeen හී නායක අසාදුදීන් ඔවයිසි පවසන්නේ තමන් ඉන්දියාව විසින් ගැනීමට නියමිත එම පියවර අගය කරන බවයි. නමුත් ඔහු ප්‍රශ්න කරන්නේ, ඉන්දු නදියේ ජලය පාකිස්තානයට ගලා යාම වළක්වනාවම් එම ජලය රදවා ගන්නේ කොතැනද යන්නයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-24 12:57 pm
|
Heading |
---|
2025-04-23 11:30 am
|
Heading |
---|
2025-04-09 8:36 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|