අගමැතිනියගේ ප්‍රකාශය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් නම්, සුදුසු පියවර ගන්නා ලෙස කොමිසම පොලිස්පතිට දැනුම් දෙයි. පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන් අමතා අග්‍රාමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශය හරහා මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් සිදු වී ඇත්නම්, ඒ පිළිබදව විමර්ශනය කර සුදුසු පියවර ගන්නා ලෙස, මැතිවරණ කොමිසම, වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ. “තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. නමුත් ඔබ එසේ විය යුතු නැහැ. ඔබට තවමත් දුරකථන ඇමතුමකින් හෝ පාරේ යන එන ගමන් යමක් කීමෙන් හෝ ෂේප් එකේ වැඩේ කරගෙන යන්න පුලුවන්..” අගමැතිනිය ප්‍රසිද්ධ වේදිකාවක එසේ පවසා තිබුණු අතර, සමාජ මාධ්‍ය තුළ ඇගේ එම ප්‍රකාශය දැඩිව විවේචනයට ලක් කර තිබුණි. කෙසේ වෙතත්, ඈ සිදු කර තිබුණු මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇගෙන්ම ප්‍රශ්න කර තිබුණු අවස්ථාවක අග්‍රාමාත්‍යවරයි පවසා තිබුණේ, සිය ප්‍රකාශයෙන් මැතිවරණ නීතිය උල්ලංඝණය වීමක් සිදු වී ඇත්නම් ඊට අදාල නීතිමය පියවරයන්ට යටත් වීමට තමා සූදානම් බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-07 8:31 am
|
Heading |
---|
2025-05-07 3:40 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|