පක්ෂ ලියාපදිංචිය අත්හිටුවයි. හසීනාගේ පක්ෂයට ඡන්ද තහනම්..! ෂීක් හසීනාගේ අවාමි ලීගය පක්ෂයේ ලියාපදිංචිය බංග්ලාදේශ මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබේ. ඒ අනුව, ඉදිරි මැතිවරණ සදහා තරඟ වැදීම එම පක්ෂයට තහනම් ය. ජනතා විරෝධය මධ්‍යයේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියව සිටි ෂීක් හසීනා ඉන්දියාවට පලා ගිය අතර, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් ගේ නායකත්වයෙන් පිහිටුවන ලද අන්තර්වාර රජය හසීනා නායකත්වය දුන් අවාමි ලීගයේ සියළු කටයුතු තහනම් කිරීමට පියවර ගනු ලැබී ය. හසීනාගේ පාලනයට එරෙහිව පැන නැගුණු මහජන විරෝධතා මධ්‍යයේ නිරායුධ සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනය කිරීමට අවාමි ලීගය පක්ෂයේ ඉහළ නායකත්වය අණ දී තිබුණු අතර, පක්ෂය තහනම් කිරීමට අන්තර්වාර රජය පියවර ගනු ලැබුවේ ඒ හේතුවෙනි. දැනට ෂීක් හසීනාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විමර්ශනයක් සිදු කරමින් සිටියි. එම විමර්ශනය අවසන් වන තෙක්, අවාමි ලීගය පක්ෂයට හෝ ඊට අනුබද්ධ වෙනත් සංවිධාන වලට රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යාම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ආදි සියලු කටයුතු තහනම් කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 7:18 am
|
Heading |
---|
2025-04-25 11:21 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|