Heading
ජාත්‍යන්තර
2025-05-14 8:52 am • Views: 10

ඩොලර් බිලියන 142 ක යුධෝපකරණ ට්‍රම්ප් සවුදියට විකුණයි.

ඩොලර් බිලියන 142 ක යුධෝපකරණ ට්‍රම්ප් සවුදියට විකුණයි.

දෙවන ධූර කාලය ආරම්භ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පළමු විදෙස් සංචාරය ලෙස සවුදි අරාබිය තෝරාගෙන තිබුණු අතර, එක්සත් ජනපදයට වාසිදායක ගිවිසුම් රැසක් එම සංචාරය තුළ දී සවුදි අරාබිය සමග ඇති කර ගැනීමට ඔහුට හැකි විය. 

පසුගිය අඟහරුවාදා ට්‍රම්ප් සෞදියට පැමිණියේ ය. 

සෞදියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බින් සල්මාන්, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ ය. 

මෙම සංචාරයේ දී ඩොලර් බිලියන 142 ක් වටිනා යුධෝපකරණ සෞදි අරාබියට අලෙවි කිරීම සදහා වූ ගිවිසුමකට ට්‍රම්ප් ජනාධිපතිවරයා එළැඹියේ ය. 

ඊට අමතරව, තවත් ඩොලර් බිලියන හයසියයක පමණ ආයෝජන එක්සත් ජනපදය ත-ුළ සිදු කිරීමට සෞදි අරාබිය සිය කැමැත්ත පළකර තිබේ. 

මේ අතර, සිරියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංචාරයේ දී සිය එකඟතාවය පළකර තිබේ. 

ඊට අමතරව, සිරියානු ජනාධිපති අහමඩ් අල් ෂාරා, රියාද් අගනුවර දි මුන ගැසීමට ද ට්‍රම්ප් සූදානමින් සිටියි. 


Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න