Heading
ජාත්‍යන්තර
2024-08-06 7:07 am

“නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් ට රට භාර දෙනු..!” බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය ඉල්ලයි.

“නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් ට රට භාර දෙනු..!” බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය ඉල්ලයි. 


අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් පහකර දැමූ විරෝධතාවය සදහා නායකත්වය ලබා දුන් ශිෂ්‍ය ව්‍යාපාරය, බංග්ලාදේශය තුළ ස්ථාපිත කිරීමට යන අන්තර්වාර පාලනයේ  භාරකත්වය, නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන මුහම්මද් යූනුස්ට භාර දිය යුතු යැයි යෝජනා කර තිබේ. 

“ආචාර්ය යූනුස්ගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර රජයක් පිහිටුවීමට හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.” අරගලය මෙහෙය වූ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන විසි හය වියැති නහීද් ඉස්ලාම් පවසා තිබේ. 

ශිෂ්‍යයන් විසින් යෝජනා කරනු ලබන ආණ්ඩුවක් මිස, හමුදාව විසින් පිහිටුවන රජයක් පිළිගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව ශිෂ්‍ය ව්‍යාපාරය නිවේදනය කරයි. 

තමන්, අලුත් බංග්ලාදේශයක් බිහි කිරීම වෙනුවෙන් ලේ පිදූ බව පවසන ශිෂ්‍ය ව්‍යාපාරය, ඒ ප්‍රතිඥාව ඉටු කළ යුතු බව දැඩිව අවධාරණය කරයි. 

ශිෂ්‍යයන් විසින් අන්තර්වාර පාලනය භාර දිය යුතු බව යෝජනා කර තිබෙන මහාචාර්ය මුහම්මද් යූනිස්, අවස්ථා ගණනාවක දී ෂීක් හසීනා පාලනයෙන් පීඩාවට පත් වූ පුද්ගලයෙකි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න