“ලාංකික පුරවැසියෝ ප්‍රභූ දේශපාලනය අවසන් කරති..!” සමීක්ෂණයකින් හෙළිවේ. දකුණු ආසියානු කලාපය තුළ දීර්ඝ කාලයක් තිස්සේ ආධිපත්‍යය දැරූ “ප්‍රභූ දේශපාලනය” “Dynastic politics” , ලාංකික පුරවැසියෝ ඔවුන්ගේ ඡන්ද බලය භාවිතා කිරීමේ දී තවදුරටත් සාධකයක් කර නොගන්නා බව සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි, ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. අදාල සමීක්ෂණය සිදුකර තිබෙන්නේ “මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ක්‍රියාකාරී පුරවැසියෝ” නමැති සංවිධානයයි. එම සංවිධානය, “ජාතික සාම කවුන්සිලය”, “පැෆරල් සංවිධානය”, “යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සාමූහිකය“ සහ මාලදිවයිනේ ක්‍රියාත්මකවන “කාන්තාව හා ප්‍රජාතන්ත්‍රවාදය” යන සංවිධාන එක්ව කටයුතු කරන ආයතනයකි. ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ, සමීක්ෂණය සදහා සහභාගී වූ අයගෙන් 86% ක්, “ප්‍රභූත්වය” පිළිගන්නවා වෙනුවට ඡන්දය භාවිතා කිරීමේ දී “උගත් බුද්ධිමත් ශක්තිමත් අධ්‍යාපන පසුබිමක්” ඇති අපේක්ෂකයන් තෝරා ගැනීමට තීරණය කර ඇති බවයි. මෙවැනි තත්වයක් නිර්මාණය වීමට හේතුව, 2022 වසරේ පැවති මහජන අරගලයයි. සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 53% ක් ප්‍රකාශ කර ඇත්තේ, මහජන අරගලය, පොදු ජන දේශාපලන විඥානය යහපත් අතට වෙනස් කිරීමට බල පා ඇති බවයි. කෙසේ වෙතත්, ස්ත්‍රීපුරුෂ සමාජ භාවය සහ දේශපාලනයට ඇති උනන්දුව අතර විශාල අසමාන අනුපාතයක් පෙන්නුමක් කරයි. සමීක්ෂණයෙන් හෙළි වී ඇති ආකාරයට, පිරිමින්ගෙන් 37% ක් දේශපාලනය කෙරෙහි ඉහළ උනන්දුවක් පෙන්වා ඇති අතර, දේශපාලනයට එවැනි ඉහළ උනන්දුවක් පෙන්නුම් කර ඇත්තේ සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන්ගෙන් 17% ක් පමණි. සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 83% ක්ම ඔවුන්, දේශපාලන සවිඥාණික භාවය මත ඡන්දය ප්‍රකාශ කළ බව පවසා ඇති අතර, 12% ක් පවසා ඇත්තේ පවුලේ බලපෑම, ආගමික මධ්‍යස්ථානයේ බලපෑම සහ මාධ්‍යයේ බලපෑම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී තීරණාත්මක සාධකයක් වූ බවයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-16 9:12 am
|
Heading |
---|
2025-07-15 12:38 pm
|
Heading |
---|
2025-07-15 12:38 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|