රන්වලගේ රිය අනතුර;
සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ
රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව
විනය පරීක්ෂණයක්...!
පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා මුහුන දුන් රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබදව පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, එහි දී, එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ක්රියාකර තිබෙන ආකාරය ගැටළුසහගත බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, නොසැලකිලිමත් ලෙස රාජකාරී කටයුතු ආවරණය කළ එම නිළධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ය.