Heading
දේශීය
2025-07-20 9:38 am • Views: 495

2022-2024 අතර කාලයේ විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව වෛද්‍යවරු 1,489 ක් රට හැර ගිහින්.

2022-2024 අතර කාලයේ විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව වෛද්‍යවරු 1,489 ක් රට හැර ගිහින්. ඉන් රටට සිදු වූ මූල්‍ය අලාභය රුපියල් බිලියන 12.5 ක්. 

2022-2024 අතර කාලය තුළ රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව වෛද්‍යවරු 1,489 දෙනෙකු රට හැර ගොස් ඇති බවත් ඉන් රටට රුපියල් බිලියන 12.5 ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් වාර්තා වේ. 

මේ බව අනාවරණය කර තිබෙන්නේ, එක්සත් රාජධානිය තුළ ප්‍රකාශයට පත් කරන ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවකි. 

වෛද්‍යවරු මෙසේ රට හැර යාම මෙරට සෞඛ්‍ය සේවා යටිතල පහසුකම්, විශේෂයෙන්ම, ග්‍රාමීය සහ ඌන සේවා ප්‍රදේශවල සෞඛ්‍ය සේවා යටිතල පහසුකම්, දැඩි ලෙස පීඩාවට පත් කර තිබේ. 

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවය තුළ සිටින සෞඛ්‍ය සේවා බලකාය, විශේෂඥ වෛද්‍යවරුද ඇතුළුව 23,000 ක් පමණ වේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛාව 2,800 කි. 

එක්සත් රාජධානියට සංක්‍රමණය වී එරට සෞඛ්‍ය සේවයට අනුයුක්ත වූ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2019 ට සාපේක්ෂව 2024 වන විට 120% කින් ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න