Heading
දේශීය
2025-07-25 9:33 am • Views: 1153

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය; “මේ නඩුව, සිංගප්පූරු අධිකරණයකට අරගෙන ගියේ ඇයි කියා විමර්ශනයක් කරන්න..!” ශ්‍රේෂ්ඨාධිකරණය සී.අයි.ඩීයට නියෝග කරයි.

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය;  “මේ නඩුව, සිංගප්පූරු අධිකරණයකට  අරගෙන ගියේ ඇයි කියා විමර්ශනයක් කරන්න..!” ශ්‍රේෂ්ඨාධිකරණය සී.අයි.ඩීයට නියෝග කරයි. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හා ආර්තික හානිය සම්බන්ධයෙන් වූ නඩුව, සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර වෙළද අධිකරණයකට රැගෙන යාම අතාර්කික තීරණයක් බවට තීන්දු කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. 

එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් නඩු පැවරීම සිංගප්පූරුව තුළ කළ යුතු යැයි දැඩිව අවධාරණය කර සිටියේ එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ යි. 

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා පත් කළ විශේෂඥ කමිටුව, සිංගප්පූරුව තුළ නඩු පැවරීම සිදු කළ යුතු යැයි තමන්ට අවධාරණය කළ බව විජේදාස රාජපක්ෂ පැවසූවද, එය සත්‍යයක් නොවන බව, එවකට මන්ත්‍රීවරයෙකු වූ, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක, 2023 මැයි මාසයේ පැවති පාර්ලිමේන්තු විවාදය අතර ප්‍රකාශ කර සිටියේ ය.

එමෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදය කඩා කප්පල් කිරීමට විජේදාස රාජපක්ෂ කටයුතු කළ බවටද අනුර කුමාර දිසානායක චෝදනා කළේ ය 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න