Heading
දේශීය
2025-08-03 7:27 am • Views: 1326

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව රනිල් මෛත්‍රී කදවුරු බදිති.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව රනිල් මෛත්‍රී කදවුරු බදිති. 

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද කප්පාදු කිරීමට අදාල පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් කර තිබුණු අතර, යෝජිත වරප්‍රසාද කප්පාදුවට එරෙහිව එක්ව කටයුතු කිරීමට, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව, ඔවුන් දෙදෙනා නීතීඥ කණ්ඩායමක් ද සමඟ මුණ ගැසී තිබෙන බව පැවසේ. 

අදාල පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප හැර මහජන බදු මුදලෙන් ලබාදෙන අනෙකුත් සියළු වරප්‍රසාද අහිමිව යාමට නියමිත ය. අහිමිවන වරප්‍රසාද අතර, ඔවුන් මියයාමෙන් පසුව කලත්‍රයන්ට හිමිවන විශ්‍රාම දීමනා හිමිකමද පවතී. 

ගෙන ඒමට නියමිත පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට රනිල් මෛත්‍රී සුසංයෝගය තීරණය කර තිබෙන අතර, ඊට පෙර, කලාපයේ අනෙකුත් රටවල විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට හිමි වරප්‍රසාද පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිත ය. 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ජාතික ජනබලවේග රජයේ මැතිවරණ පොරොන්දුවකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න