Heading
දේශීය
2025-11-15 8:42 am • Views: 173

2023 - 2024 අතර කාලයේ සිදු වූ තවත් මගඩියක්..! රජයට වුණු පාඩුව රුපියල් ලක්ෂ 1340 ක්.

2023 - 2024 අතර කාලයේ සිදු වූ තවත් මගඩියක්..! කලින් රුපියල් 311 ට මුද්රණය කළ රියැදුරු බලපත්‍රයට ගජමිතුරු සමාගම රුපියල් 576 ක් අරන්. රජයට වුණු පාඩුව රුපියල් ලක්ෂ 1340 ක්. 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාලව 2024 වසර සදහා නිකුත් කරන ලද විගණන වාර්තාවකින් රියැදුරු බලපත්‍ර මුද්රණයේ දී සිදු ව තිබෙන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවයක් හෙළි වී තිබේ. 

විගණන වාර්තාවට අනුව, කලින් රුපියල් 311 කට මුද්රණය කළ රියැදුරු බලපත්‍රයක් වෙනුවෙන්, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකරමින් කොන්තරාත්තුව භාර දුන් නව සමාගම රුපියල් 576 ක් අයකර ඇති අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් ලක්ෂ 1340 කට වඩා වැඩි ය. 

2023 සැප්තැම්බර් 15 ත් 2024 වසරේ ජූලි මාසයත් අතර අදාල සමාගම විසින් රියැදුරු බලපත්‍ර 507,807 ක් මුද්රණය කර තිබේ. 

රජයට සිදු වූ මූල්‍ය අලාභය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස විගණන දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා සිටියි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න