වාර්ෂික කුලිය රුපියල් ලක්ෂ 2520 යි.
කෘෂිකර්ම අමාත්යංශය
සබීතාගේ බිල්ඩිමට රැගෙන යාම;
ලක්ෂ්මන් කිරිඇල්ල
මහින්ද අමරවීර සහ
ගයන්ත කරුණාතිලකගෙන්
අල්ලස් කොමිසම ප්රකාශ ගනී.
2015 වසරේ යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව, කෘෂිකර්ම අමාත්යංශය, රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන ගොස් තිබුණු අතර, ඒ සදහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 2520 ක මුදලක් ගෙවා ඇති බව වාර්තා විය.
මෙම ගොඩනැගිල්ල, ප්රකට රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා මහත්මියගේ පවුලට අයත් එකක් බව පැවසුණි.
රජයේ ගොඩනැගිල්ලකට නොයා කෘෂිකර්ම අමාත්යංශය මෙසේ පෞද්ගලික හිමිකාරත්වයක් තිබුණු ගොඩනැගිල්ලට රැගෙන යාම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ.
ඒ අනුව, ඒ පිළිබදව ප්රකාශයක් ලබා ගැනීම සදහා අද දිනයේ දී ගයන්ත කරුණාතිලක මහතා කොමිසම හමුවට කැදවා තිබුණු අතර, මීට පෙර ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහින්ද අමරවීර යන අය එහි කැදවා තිබුණි.