
"රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට වැට් බද්ද 18% සිට 20% දක්වා වැඩි කළ යුතුයි..!" දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.  2025 වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් 24% කින් ඉහළ දමන බව රජය ප්‍රකාශ කර තිබේ.  රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට පොරොන්දු වීමට පෙර, රජය, ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබා ගෙන තිබේද යන්න පිළිබදව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ශාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් පසුගිය දා ප්‍රශ්න කළේ ය.  එහිදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසා ඇත්තේ, රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමට රජය තීරණය කළහොත්, ඒ වෙනුවෙන්, දැනට අය කරන 18% ක වැට් බද්ද 20% දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.  මෙම මාධ්‍ය හමුව සදහා සුරාබදු කොමසාරිස්වරයාද සහභාගී වී තිබේ.  මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට තිබෙන සුරාබදු අයකර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි, මාධ්‍යවේදීන්, සුරාබදු කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.  එහිදී ඔහු පවසා ඇත්තේ, හිග බදු මුදල් අය ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් තම ආයතනය අවසර ඉල්ලා ඇතත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙතෙක් ඒ සදහා අනුමැතිය ලබා දී නැති බවයි.  මත්පැන් නිෂ්පාදකයන් නොගෙවා පැහැර හැර තිබෙන සුරා බදුවල වටිනාකම රුපියල් බිලියන 7.9 ක් පැවසේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |