"ඉන්දියානු සමාගමක් හරහා ලියාපදිංචි නොකළ ඖෂධ 37 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය..!" තවත් මගඩියක්දැයි සැකයක්..! - මව්බිම වාර්තා කරයි. ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ඉන්දියානු සමාගම් කිහිපයක් හරහා, ඖෂධ වර්ග 37 ක් මෙරටට ආනයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රමේශ් පතිරණ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, අද වෙළදපොලට නිකුත්ව තිබෙන මවුබිම පුවත්පත වාර්තා කරයි. පුවත්පත මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ, ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කරන වෛද්‍ය චමල් සංජීව වැනි අය උපුටා දක්වමිනි. පුවත්පත් වාර්තාට අනුව, ටෙන්ඩර් පටිපාටියකින් තොවර, සෘජුවම ඉන්දියානු සමාගම් හරහා ඖෂධ වර්ග 37 ක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවට පසුගිය 26 වන දා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කැබිනට් පත්‍රිකාවේ සදහන්ව තිබෙන ඖෂධ මෙරට ලියාපදිංචි නොමැති ඖෂධ බවත්, එකී ඖෂධ මෙරටට ගෙන්වීම සදහා වූ ලංසු කැදවීමේ දී අදාල සැපයුම්කරුවන් ඒ සදහා මිල ගණන් ඉදිරිපත් කර නැති බවත් වාර්තා වේ. ඉන්දියානු සමාගම් හරහා ගෙන්වීමට අපේක්ෂා කරන මෙකී ඖෂධ වර්ග 37 න් ඖෂධ වර්ග 30 ක් සදහා, දේශීය සැපයුම් කරුවන් සිටින අතර, තවත් අයිතමයන් පහක් සදහා ලියාපදිංච අනුමැතිය ලබා ගැනීමට වසර දෙකක් තිස්සේ බලා සිටින බවත් ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. අදාල ඖෂධ ඉන්දියානු සමාගම් හරහා ආනයනය කිරීම සදහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් ඉන්දියානු සංචාරයක නිරතව ඇති බවත්, ඔවුන් එකී ඖෂධ ඇණැවුම් භාර දීම සදහා ඉන්දියානු සැපයුම්කරුවන් තෝරාගනු ලැබුවේ කවර නිර්ණායක මතද යන්න ගැටළු සගහත බවත්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-22 8:38 am
|
Heading |
---|
2024-12-22 7:35 am
|
Heading |
---|
2024-12-20 3:25 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|