
බලෙන් අල්ලා ගත් ලක්ෂ 10,000 කට වඩා වටින සුපිරි නිවස නැවත හිමිකාරියට ලබා දෙන ලෙස ඥාණසාර හිමියන්ට නියෝගයක්..! බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි, බම්බලපිටිය ෆැල්කන් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් ලක්ෂ දහසකට වඩා වැඩි වටිනාකමකින් යුතු නිවස, නැවත එහි හිමිකාරියට ලබා දෙන ලෙස, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු වග උත්තරකරුවන් තිදෙනෙකදෙනෙකුට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.  කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නමැති කාන්තාව භුක්ති විදිමින් සිට තිබෙන එකී නිවස, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, උන්වහන්ගේ ගෝල හිමි නමක් ක් නමක් සහ එම නිවසේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා යන තිදෙනා එක්ව බලහත්කාරයෙන් අත්පත්කරගෙන තිබේ. අදාල වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව පවසන පැමිණිලිකාරිය, එම හේතුව මත, තමන් සිය දියණියද සමගින් නිවාස සංකීර්ණයෙන් ඉවත් වූ බව දැනුම් දී තිබේ.  මෙම පුවත අද මව්බිම පුවත්පත සිය මුල් පුවත ලෙස පළ කර තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |