
ඉන්ධන ආනයනයේ දී සිදු වූ බව කියන රුපියල් බිලියන 36 ක වංචාව පිළිබදව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි. අර්බුද සමයේ ඉන්ධන ආනයනයේ දී සිදුව ඇති බව කියන රුපියල් බිලියන 36 ක අති දැවැන්ත වංචාව සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.  මෙම වංචාව පිළිබදව හෙළි වී ඇත්තේ විගණකාධිපතිවරයා විසින් කරන ලද විගණනයකිනි.  කෙසේ වෙතත්, එකී විගණන වාර්තාව මත පදනම් ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසිනි.  ඉන්ධන ආනයනයේ දී සිදුව ඇති බව කියන මෙම අති දැවැන්ත වංචාව සිද්ධ නොවූවානම්, ඉන්ධන මිල රුපියල් දෙසියයකින් පමණ පහත දැමිය හැකි බව ජනක රත්නායක මහතා පවසයි.  ජනක රත්නායක මහතා පවසන ආකාරයට මෙම දැවැන්ත මූල්‍ය වංචාවට දේශපාලන අධිකාරිය සහ ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ නිළධාරීන් හවුල් ය.  චෝදනා ලක්ව ඇති දේශපාලනඥයන් අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර, අදාල අමාත්‍යංශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ, සිපෙට්කෝ සභාපති මොහොමඩ් උවයිස් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ යන අය සිටිති.   
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |