Heading
දේශීය
2024-09-27 11:35 am

පාස්කු වින්දිතයන්ට ලක්ෂ 750 ගෙවලා නෑ..! නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරයි..!

පාස්කු වින්දිතයන්ට ලක්ෂ 750 ගෙවලා නෑ..! නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරයි..! 


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන් සදහා රුපියල් ලක්ෂ හත්සිය පනහක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය මෙතෙක් ඉටු කර නොමැති බැවින්, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නිලන්ත ජයවර්ධනට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට නියමිත බව, නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 

ඒ අනුව, ඔක්තෝබර් මාසයේ හත්වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිලන්ත ජයවර්ධනට නියෝග කර තිබේ. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශන අවසන් වන තෙක්,  පොලිස් කොමිසම විසින් නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවන ලදී. 

පොලිස් කොමිසම විසින් එම තීරණය ගනු ලැබුවේ 2024 ජූලි මාසයේ 18 වන දා ය. 




Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න