Heading
දේශීය
2024-09-28 9:14 am

"රජයේ වාහන 4000 ක් අතුරුදන්." විගණකාධිපති තහවුරු කරයි.

"රජයේ වාහන 4000 ක් අතුරුදන්." විගණකාධිපති තහවුරු කරයි. 

පසුගිය කාල සීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයද ඇතුළුව විවිධ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු යටතේ පැවති රජයේ වාහන හාර දහසක පමණ ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බව විගණකාධිපති, ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා පවසයි. 

ඔහු මේ බව පවසා ඇත්තේ ලංකාදීප පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමිනි. 

අතුරුදන්ව තිබෙන වාහන පිළිබදව සම්පූර්ණ වාර්තාවක් නුදුරේ දී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් ලංකාදීප පුවත්පත සමග පවසා තිබේ.

එමෙන්ම, ගාලු මුවදොර ඇත-ුළුව ස්ථාන කිහිපයක අතහැර දමා ගොස් තිබුණු සුඛෝපභෝගී වාහන භාවිතා කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබදව පුළුල් විමර්ශනයක් සිදු කරන බවද ඔහු පවසා තිබේ.  


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න