Heading
දේශීය
2024-09-30 8:43 am

“සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා සවි කර දෙන ලෙසත්, ඒ සදහා යන මුදල ඔහුගේ අතට දෙන ලෙසත් හිටපු ඇමති ටිරාන් මට කිව්වා..!” තාඹුගල කියයි.

“සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා සවි කර දෙන ලෙසත්, ඒ සදහා යන මුදල ඔහුගේ අතට දෙන ලෙසත් හිටපු ඇමති ටිරාන් මට කිව්වා..!” තාඹුගල කියයි.

තමන් නීත්‍යනුකූලව උපයා ගත් ධනය, ඇතැම් දේශපාලනඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සූරා කෑ බව, අවුරා ලංකා ආයතනයේ සභාපති විරන්ජිත් තාඹුගල, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පවසා තිබේ. 

තමන් කරන මේ චෝදනාව සනාථ කිරීමට අවශ්‍ය වීඩියෝ සහ ඕඩියෝ සාක්ෂි ඔහු සතුව ඇති බවද විරන්ජිත් තාඹුගල මහතා අධිකරණයට දැනුම් දී තිබේ. 

තමන් සතුව ඇත්තේ නීත්‍යනුකූලව උපයාගෙන තිබෙන ධනයක් යැයි පවසන විරන්ජිත් තාඹුගල, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, තමන් සමග ඇති කරගත් අමනාපයක් හේතුවෙන් තමන්ට එරෙහිව අභූත චෝදනා ගොනු කර ඇතැයි පවසයි. 

දිවයින පුරා තිබෙන පොලිස් ස්ථාන සීසීටීවී කැමරා සවි කොට, නවීකරණය කර දෙන ලෙස හිටපු පොලිසිය භාර අමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලූ බව විරන්ජිත් තාඹුගල පවසයි. 

තමන් ඊට එකඟ වී, ඒ සියලු කටයුතු තමන්ට අයත් “අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන්” මගින් කර දීමට සූදානම් වූ විට, හිටපු ඇමතිවරයා ඊට විරුද්ධ වූ බව තාඹුගල පවසයි. 

ඔහු පවසන්නේ, පොලිසිය භාර හිටපු අමාත්‍යවරයා, අදාල මුදල් ඔහුගේ අතට ලබා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. 

තමන් ඊට විරුද්ධ වූ පසු, හිටපු ඇමති ටිරාන් තමන් සමග විරසක වූ බව ඔහු වැඩි දුරටත් පවසයි. 

මේ සියළු කරුණු ඔප්පු කිරීමට වීඩියෝ සහ ඕඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බව විරන්ජිත් තාඹුගල විවෘත අධිකරණය හමුවේ පවසා තිබේ. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න