Heading
දේශීය
2024-09-30 11:55 am

"පුළුල් සංධානයක් ගොඩනැගිය යුතුයි..! එහි නායකයා රනිල්ම විය යුතුයි..!"මනූෂත් යෝජනාවක් සම්මත කර ගනී.

"පුළුල් සංධානයක් ගොඩනැගිය යුතුයි..! එහි නායකයා රනිල්ම විය යුතුයි..!"මනූෂත් යෝජනාවක් සම්මත කර ගනී. 


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ වැදීමට විපක්ෂයේ පක්ෂ එක් වී පුළුල් සන්ධානයක් ගොඩ නගා ගත යුතු බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා යෝජනා කරයි. 

එමෙන්ම, එසේ ගොඩ නගන පුළුල් සන්ධානයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගත යුතු බවද ඔහු අවධාරණය කරයි. 

මේ සම්බන්ධයෙන් වූ යෝජනාවට, අද කුරුදුගහ හැතැප්ම ප්‍රදේශයේ පැවති ජන හමුවක දී, හිටපු අමාත්‍යවරයා අනුමැතිය ද ලබා ගත්තේ ය. 

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකට තමන් කිසිසේත් එකතු නොවන බව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති බව වාර්තා වේ. 

වට ගණනාවක් පැවති සජබ එජාප සාකච්ඡා මේ හේතුව මතම බිද වැටී ඇති බව පැවසේ.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න