Heading
දේශීය
2024-10-02 9:38 am

“පාලකයන් දූෂිතයින් වූ විට පුරවැසියෝ යුක්තිගරුක නොවෙති.” මෙරට ජපාන තානාපති කියයි.

“පාලකයන් දූෂිතයින් වූ විට පුරවැසියෝ යුක්තිගරුක නොවෙති.” මෙරට ජපාන තානාපති කියයි. 

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ එක ප්‍රධාන ලක්ෂණයක් වන දූෂණය පිළිබදව, මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදෙකායි ඊයේ දිනයේ දී ප්‍රසිද්ද දේශනයක දී සාකච්ඡා කර තිබේ. 

වසර කිහිපයක් මෙරට ජපාන තානාපති ලෙස කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් මත පදනම්ව ඔහු ලංකාව විශේෂ කොට දක්වමින් මෙම අදහස් දැක්වීම සිදු කර තිබේ. 

ඒ අනුව, ඔහු පවසන ආකාරයට, ලංකාව ත-ුළ දූෂණය විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. 

පාලකයන් දූෂිතයන් වූ විට, එම පාලකයන් සම්බන්ධයෙන් වූ මහජන ගෞරවය දිය වී යයි. එමෙන්ම, දූෂිත පාලකයන් විසින් පාලනය කරනු ලබන රටක පුරවැසියන්, ඔවුන්ගේ පුරවැසි වගකීම නොතකා හරියි. බදු ගෙවිය යුතු පුරවැසියෝ බදු ගෙවීම පැහැර හරිති. අනෙක් ගැටළුව වන්නේ, දූෂිත පාලකයන් සිටින රටකට සෘජු විදේශ ආයෝජනා ආකර්ශනය කර ගැනීමට නොහැකි වී ම ය.

එවැනි රටකට ජපන් ආයෝජකයන්නම් කොහෙත්ම නොඑනු ඇතැයි තානාපතිවරයා පවසයි.  

මේ සියළු කරුණු අනුව, දූෂණය පිටු දැකීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට අතිශයින්ම වැදගත් බව තානාපතිවරයා අවධාරණය කරයි. 

වත්මන් ජනාධිපතිවරයා, දූෂණය පිටු දැකීම සිය ප්‍රමුඛතම සටන් පාඨය බවට පත්කරගෙන තිබීම තානාපතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න