Heading
දේශීය
2024-10-03 8:47 am

"ඕමාන ජාතික ව්‍යාපාරිකයාට පහර දීම." මාස දහ අටකට පසුව හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ මල්ලී අත්අඩංගුවට ගනී.

"ඕමාන ජාතික ව්‍යාපාරිකයාට පහර දීම." මාස දහ අටකට පසුව හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ මල්ලී අත්අඩංගුවට ගනී. 

සීදුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයෙකුට පහර දීම සම්බන්ධයෙන්, හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් තිබෙන බව පොලිසිය පවසයි. 

අදාල පහර දීමේ සිදු වීම මාධ්‍ය මගින් හෙළි කර තිබුණේ මීට මාස දහ අටකට පමණ පෙර, 2023 වසරේ අප්‍රේල් මාසයේ දී ය. 

ඇගළුම් කර්මාන්ත ශාලාව සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ දී තමන්ගේ ආධාරකරුවන් පිරිසකට ඒ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා  රාජ්‍ය අමාතන්‍යරා එම ව්‍යාපාරිකයට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ. 

පසුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් ව්‍යාපාරිකයා පහර දී ඇති බවත්, ඒ හේතුව මත ව්‍යාපාරිකයා සිය කර්මාන්ත ශාලාව වසා දමා රටින් පිටවීමට උත්සාහ කරන බවත්, වාර්තා වී තිබුණි. 

මෙම කර්මාන්ත ශාලාව තුළ සේවකයන් 350 ක් පමණ සේවය කරයි.  

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න