Heading
දේශීය
2024-10-03 12:37 pm

ගෙවුණු මාස අට තුළ වන අලි 239 ක් මියයති. වෙඩි තබා ඝාතනය කිරීම් 40 ක්. විදුලිසැර වැදීමෙන් 31 ක්.

ගෙවුණු මාස අට තුළ වන අලි 239 ක් මියයති. වෙඩි තබා ඝාතනය කිරීම් 40 ක්. විදුලිසැර වැදීමෙන් 31 ක්. 

ගෙවුණු මාස අටක කාලය තුළ, විවිධ හේතු මත වන අලි 239 ක් මිය ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 

වන අලි මරණ 239 න් මරණ 40 ක් වෙඩි තැබීමෙන් සිදු වූ අලි මරණයි. විදුලිසැර වැදීමෙන් සිදුව තිබෙන අලි මරණ සංඛ්‍යාව 31 කි. හක්කපටස් පුපුරුවා මරණයට පත් කර තිබෙන අලින් සංඛ්‍යාව 28 කි. විෂ ශරීරගත වීමෙන් අලින් 04 ක් මියගොස් ඇති අතර දුම්රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති අලින් ගණන 05 කි. තවත් අලින් 06 ක් මාර්ග අනතුරුවලින් මියගොස් තිබේ. දියේ ගිලීමෙන් අලින් 11 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් අලියන් 07 දෙනෙක වෙනත් අනතුරු හේතුවෙන් මියගොස් තිබේ.

මෙසේ මරණයට පත්ව තිබෙන අලින්ගෙන් බහුතරය තරුණ අලින් බව වාර්තා වේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න