Heading
දේශීය
2024-10-03 11:04 am

ජා.මූ.අරමුදලේ නියෝජිතයෝ ජනපති හමුවෙති.

ජා.මූ.අරමුදලේ නියෝජිතයෝ ජනපති හමුවෙති. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පස්වරුවේ සිදු විය. 

මෙම හමුව සදහා ජනාධිපතිවරයා සමඟ, මහබැංකු අධිපති එස්.නන්දලාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය අනිල් ජයන්ත සහ දුමින්ද හුළංගමුව ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනේ අරමුණු සමග, රජයේ පුළුල් එකඟතාවය, මෙම හමුවේ දී රජයේ පාර්ශ්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යළිත් අවධාරණය කරන ලද බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පසුගිය රජය පැමිණ තිබෙන ඇතැම් එකගතා හේතුවෙන් මහජනතාවට දැරිය නොහැකි ආකාරයේ බරක් පැටවී ඇති බව රජයේ පාර්ශ්වය අවධාරණය කර තිබේ. එබැවින්, මහජනතාව මත පැටවෙන පීඩාව ඉවත් කළ හැකි විකල්ප යෝජනා පිළිබදව වූ අදහස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර තිබේ. 

එහිදී වැට් සහ ආදායම් බදු හේතුවෙන්, ජනතාව පත්ව තිබෙන පීඩාව පිළිබදව රජයේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු දක්වා තිබේ. 

රජය ඉදිරිපත් කරන විකල්ප යෝජනා පිළිබදව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට පවසා තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න